Mayurapada.lk : News

News







2018 උසස්පෙළ නව සිසුන් බදවා ගැනීම.


2020 උසස් පෙළ විභාගය සදහා කළා,වාණිජ,තාක්ෂණ,විද්‍යා/ගණිත අංශ වෙනුවෙන් ළමුන් බදවා ගැනීම සාර්ථකව සිදුකෙරිණි. මෙහිදී පිලිගැනීමේ උත්සව එක් එක් අංශ විසින් වෙන වෙනම සංවිධානය කල අතර ඒවා 2018.05.16 සිට 2018.05.21 වන දින දක්වා ප්‍රදාන ශාලාවීදී පැවැත්විණි .
      එහිදී
            විද්‍යා/ගණිත 2018.05.16 දිනද ,
            වාණිජ 2018.05.16 දිනද,
            තාක්ෂණ 2018.05.16 දිනද ,
             කළා 2018.05.16 දිනද නව සිසුන් බාරගන්න ලදී .







2018 මයුර වෙසක් සතිය.


2018 04 29 දිනට එළබෙන වෙසක් පොහොය නිමිතිකරගෙන පවත්වන ලද වෙසක් සතිය 2018 04 27 වන දින ඉතාමත් සාර්ථකව අවසන් කරන ලදී මෙහිදී අප පාසලේ ආචාර්ය වරුන් ලෙස සේවය කරන ගරුතර ස්වාමින්වහන්සේලාගේ ආරාධනයෙන් සිසුන් හට දර්ම දේශනයක් සදහා කළුගමුව පුරාතන විහාරාධිපති වලමියේ පංඥානන්ද හිමි අද දින පාසලට වැඩම කරන ලදී.

ධර්ම දේශනයෙන් අනතුරුව සිසුහු පන්ති සැරසිලි කටයුතු සිදුකිරීම ආරම්බ කල අතර ඊට සමගාමිව ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිදානය කරන ලද බෙලිමල් දන්සල පැවෙත්විනි







2018 කළා උළෙල අභිමානවත් ලෙස පවත්වන ලදී.


චිත්‍ර,සංගීත තරග, ගී රසවින්දන වැඩසටහන්,සූපවෙදි පුහුණු වැඩසටහන් ආදී සමගාමී වැඩසටහන් රැසක් පිරිවරාගනිමින් එහි අන්තය ලෙස 2018 කළා උළෙල 2018.02.23 දින ඇති උත්කර්ශවත් ලෙස පවත්වන ලදී
"ප්‍රවර සිඛිපා ප්‍රභා" යන විචිත්‍ර නමින් හැඩගැන්වුනු මෙය 23 වන දින පුරා පාසලේ ප්‍රදාන ශාලාවේදී පැවැත්විනි
මෙහිදී සිසු සිසුවියන්ගේ දක්ෂතා නැටුම් සංගීත නාට්‍ය යන අංශ තිත්වයෙන් එළිදක්වන ලදී
achieves
achieves achieves achieves achieves







කළා උළෙලට සමගාමීව පවත්වනු ලැබූ චිත්‍ර තරගය.


2018 කළා උළෙලට සමගාමීව 6 -11 වසර වල සිසුන් සදහා චිත්‍ර තරගයක් කළා අංශය මගින් සංවිදානය කරන ලදී.
මෙහිදී එම තරගයට ඉදිරිපත් කරනලද චිත්‍ර එකතුවක් චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස එළිදක්වන ලදී.
achieves achieves achieves achieves
achieves







කළා උළෙලට සමගාමීව පවත්වනු ලබන තරග පිළිබද විස්තර.


උසස් පෙළ ළමුන් විසින් සංවිධානය කරනු ලබන කලා උළෙල 2018 පෙබරවාරි මස 23 වන දින මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙහිදී 6-13 දක්වා වූ සියලුම ළමුන්ට අංශ වශයෙන් තරග පැවැත්වීමක් සිදුකොට තාග්‍ය ලබාදීම සිදුවෙයි.ගායන තරග මේවන විටත් පවත්වමින් යන අතර චිත්‍ර, කෙටිකථා, පදය රචනා, ගීපද රචනා, බාර ගැනීම ලබන සදුදා (12) සිට සිදුකෙරේ.
       මෙහිදී,
             චිත්‍ර               6-13
             කෙටිකථා    6-13
             පදය රචනා 10-13
             ගීපද රචනා 10-13
      ආදී වසර සදහා පමණක් වලංගුවේ.





උසස් පෙළ ළමුන්ට ධර්ම දේශනයක්.

ඉකුත් තිස් වෙනි දින අප පාසලේ දොළහ වසරේ ඉගෙනුම ලබන සියලු ම සිසුන් හට නවම් පොහොය නිමිති කොට ගෙන විශේෂ ධර්ම දේශනයක් පැවැත් විණි. මෙහිදී 12 වසරේ සියලුම අංශයන් සහභාගී විය. එනම් කලා, වාණිජ, විද්යා, ගණිත හා තාක්ෂණවේද යන අංශයි.පැයක පමණ කාලයක දහම් දෙසුමක් පැවැත්වුණු අතර, එහිදී උන් වහන්සේ ළමුන් ගේ ජීවිතය හා අධ්යාපනය සාර්ථක කර ගැනීමට අවශ්ය බොහෝ ඔවදන් ලබා දුනි. එසේම මෙම දහම් කටයුත්ත සංවිධානය කරනු ලැබුවේ මයුරපාද මධ්ය විද්යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසිනි. එසේම ධර්ම දේශනයට පැමිණි දේශකයාණෝ අප විද්යාලයේ කලා අංශයේ අංශ ප්රධාන ගරු ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ නමකි.

achieves