Author Archives: Dinujaya Sandaruwan

මයුර වෙසක් පෝදා සඳහම් විකාශය

2021 / 05 / 26 දිනට යෙදුන උතුම් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මයුරපාද මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ මූලිකත්වයෙන්, විදුහල්පතිතුමියගේ හා ගුරුභවතුන්ගේ අනුදැනුම යටතේ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

මාර්ගගථ ක්‍රමයට පැවැත්වූ මෙම ධර්ම දේශනාවේ දේශකයානන් වහන්සේ වූයේ පූජ්‍ය තිරලෝගම ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේය.

මෙම ධර්ම දේශනාව Mayurapada Central College Narammala යූටියුබ් නාලිකාව ඔස්සේ මෙන්ම අප Mayurapada Official Facebook Group එක මඟින්ද නැරඹීමට අවස්ථාව ලබාදී තිබිණි..

මයුරපාදයේ නව ශිෂ්‍ය නායකයින්ට නිල ලාංඡන පැළඳවීම 2020

නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක නායිකාවන්හට නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය 2021 ජනවාරි මස 21 වන දින විද්‍යාලීය රැස්වීම් භූමියේදී සිදු කරන්නට යෙදුනි. ඉතා චාම් අන්දමින් පැවති මෙම උත්සව අවස්ථාවෙදී ගරු විදුහල්පති තුමිය බන්දුලානී බස්නායක මැතිතුමිය අතින් ප්‍රධාන තනතුරු ලැබූ ශිෂ්‍යනායක නායිකාවන්ගේ,

“කොන්තසිංහ ආචාරිගේ දිලීප ලක්ෂාන් පද්මසිරි, විජේසිංහ මුදියන්සේලාගේ සඳති දහරානි විජේසිංහ” නිල ලාංඡන පැළඳවීම සිදුවූ අතර අනෙකුත් ශිෂ්‍යනායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීම සිදුවූයේ අනෙකුත් ගුරු භවතුන්ගේ සුරතිනි.

සොඳුරු මිනිසාගේ නික්ම යෑම

මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ගරු විදුහල්පති තුමන් ලෙස දෙවසරකට වැඩි කලක් සේවය කරන ලද රසික දිනේෂ් චතුරංග මැතිදුන් ස්ථාන මාරු ලබා පාසලට සමුදීමේ උත්කර්ෂවත් අවස්ථාව 2020/03/04 දින විද්‍යාලයීය අභිනව විදුහල්පතිනි බන්දුලානි බස්නායක මැතිනියගේ මෙහෙයවීමෙන් විදුහල් භූමියේදී පැවැත්විය.පාසලේ විෂය මෙන්ම විෂය බාහිර කටයුතු වෙනුවෙන්ද වැඩි ඉඩක් වෙන්කරමින දරුවන්ගේ අධ්‍යාපන හා මානසික සංවර්ධනය වෙනුවෙන් කැපවූ මයුරපාදය තුලින් දුටු විශිෂ්ඨතම විදුහල්පති ලෙසින් එතුමානන් එදින

 සමස්ථ මයුරපාද පාසල් ප්‍රජාවගේ ගෞරව සම්මානයට පාත්‍ර විය. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතියත් අධ්‍යායන  අනධ්‍යයන කාර්‍ය මන්ඩලයත් හා එක්ව ගෙවී ගිය දෙවසර තුල පාසල භෞතික සංවර්ධනය තුලින් ඉහළින් ඔසවා තැබීමේ ගෞරවයද එතුමාට හිමිවේ..එවන් ස්වර්ණමය යුගයක් පාසලට එක් කල ආදරණීය ගුරු පියාණන් සිසු දරුවන්ගේත් සමස්ත ප්‍රජාවගේත් නෙතට  කදුලක් එක් කරමින් මෙසේ මයුරමාතාවගෙන් සමුගන්නා ලදී..

පාසල් අන්තර් ක්‍රියාකාරී සමාජයේ දෙවන වැඩමුලුව

2020.02.08 වන දින පාසල් අන්තර් ක්‍රියාකාරී සමාජයේ සාමාජික සාමාජිකයන් සඳහා වැඩමුලුවක් පාසල් බහු මාද්‍ය ඒකක කාමරය හා එලිමහනේදී පැවැත් වුනි. ඒ සදහා අප පාසලෙන් ළමුන් තිස් දෙනෙකුට ආසන්න සංක්‍යාවක් සහභාගී විය.

වැඩමුලුව ප්‍රදාන වශයෙන් මෙහෙයවනු ලැබුවේ මලියදේව පිරිමි විද්‍යාලයේ සිසුන් වන අතරම එහි සංවිධානය විශය භාර ආචාරිනී නිලූශිනී කුමාරි මිය විසින් සිදු කෙරිණ .

ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රධානය 2019

2019.11.22 වන දින විද්‍යාලීය නව කණිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සහ ප්‍රධාන, උප ප්‍රධාන තනතුරු සදහා නව ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලද වීම ප්‍රධාන රැස්වීම් භූමියේදී පැවැත් වුණි. 

කණිෂ්ඨ ශිෂ්‍ය  නායක නායිකාවන්ගේ  නිල ලාංඡ්න දෙමව්පියන් විසින්ද ප්‍රදාන සහ උප ප්‍ර්‍රදාන ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංචන පැලඳවීම   සිටි ආරාදිත අමුත්තන් සහ විද්‍යාලීය විදුහල්පති තුමන් අතින් සිදු විය. 

ලෝක ළමා දින සැමරුම 2019

2019.10.01 වන දින විද්‍යාලීය විදුහල්පතිතුමාගේ හා ගුරුභවතුන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන රැස්වීම් භූමියේදී ලෝක ළමා දින සැමරුම් උළෙලක් පවත්වන ලදි. 

ගීත, නාට්‍ය, කවි,  කතා ඇතුලු විශේෂාංග රැසකින් සමන්විතව තිබූ මෙම සැමරුම් උළෙල අවසානයේදී සංගීත රසයට රිසි සේ විනෝද වීමටද අවස්ථාව සැලසුවේ ය 

මයුර කැකුළු සූර්ය මංගල්‍යය 2019

2019 මයුර කැකුළු සූර්ය මංගල්‍යය 2019 බක් මස දෙවනි දින විද්‍යාලයේදී පවත්වන ලදී…

සිංහල හින්දු චාරිත්‍ර වලට අනුකූලව උලෙළ සංවිධානය කර තිබීමත් කලාතුරකින් දැකිය හැකි ජන ක්‍රීඩා වෙනුවෙන්ද දවස වෙන් කර තිබීම විශේෂත්වයකි.

විදුහල්පතිතුමන්ගේ උපදෙස් පරිදි 6/7 අංශ භාර දිලීප් ගුනවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් එම අංශයේ ආචාර්ය මන්ඩලය සහ දෙමාපියන් උලෙළ සංවිධානය කිරීම වෙනුවෙන් කල කැපවීම අගය කොට සලකමු….

ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සිසු අයිතියට පත් කිරීම

කලගුන දත් ආදි මයුරපාදීන් විසින් මයුරපාද මාතාව වෙනුවෙන් දායාද කරන ලද ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සිසු අයිතියට පත් කිරීම 2019/03/31 දින ආදි සිසුන්, පාසල් සිසුන් , විද්‍යාලයීය ආචාර්ය මන්ඩලය සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පැවත්විය..

මයුරපාද මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් ආදි ශිශ්‍ය ශිශ්‍යාවන් විසින් සිදුකරන ලද මෙම මහඟු මෙහෙවර අප සියලුදෙනා ඉතාමත් ගෞරවයෙන් යුතුව අගය කර සිටිමු.

MCC vs ICC සුහද ක්‍රිකට් තරඟාවලිය

2019.02.04 යෙදී ඇති හැත්තෑඑක්වන නිදහස් සැමරුම් උළෙල අරමුණු කරගනිමින් මයුරපාද මධ්‍ය විද්‍යාලය අද දින පාසල් නිදහස් උළෙල සංවිධානය කර තිබිණි….

ආරාධිත දේශනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත් මැතිදුන් සහභාගි වූ අතර, කවි ගායනයෙන් සහය දැක්වීමට පැමිණි අනුෂ්ක සොයුරාද ස්තුති පුර්වකව මෙහිදී සිහිපත් කරමු .

එසේම සංගීත අංශයේ දූ දරුවන් විසින් දේශාභිමානී ගීත ගායනා කරමින් උළෙල වර්ණවත් කරන ලදී…

හැත්තෑඑක්වන නිදහස් සැමරුම් උළෙල

2019.02.04 යෙදී ඇති හැත්තෑඑක්වන නිදහස් සැමරුම් උළෙල අරමුණු කරගනිමින් මයුරපාද මධ්‍ය විද්‍යාලය අද දින පාසල් නිදහස් උළෙල සංවිධානය කර තිබිණි….

ආරාධිත දේශනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත් මැතිදුන් සහභාගි වූ අතර, කවි ගායනයෙන් සහය දැක්වීමට පැමිණි අනුෂ්ක සොයුරාද ස්තුති පුර්වකව මෙහිදී සිහිපත් කරමු .

එසේම සංගීත අංශයේ දූ දරුවන් විසින් දේශාභිමානී ගීත ගායනා කරමින් උළෙල වර්ණවත් කරන ලදී…