Category Archives: Mayurapada NEWS

2019 වාර්ෂික ක්‍රීඩා උලෙළ

හැත්තෑ පස් වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයිය වාර්ෂික ක්‍රීඩා උලෙළ 2019/01/25 දින අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී…

උලෙළහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය සහභාගි විය.

ඉන්ද්‍ර, වරුණ ,චන්ද්‍ර, සූර්ය ලෙසින් වූ නිවාස වෙනුවෙන් ක්‍රීඩා කර දස්කම් දැක්වූ සිසුන් මෙහිදී ඇගයිමට ලක් විය.ඒ අනුව චන්ද්‍ර නිවාසය වෙනුවෙන් තරග කල L.R දේවින්ද ශිෂ්‍යයා වසරේ දක්ශතම ක්‍රීඩකයා ලෙසත් වරුණ නිවාසය වෙනුවෙන් ක්‍රීඩා කල හංසමාලි හේරත් ශිෂ්‍යයාව වසරේ දක්ශතම ක්‍රීඩිකාව ලෙසත් නම් කෙරිනි ..

එසේම 2019 මයුරපාද නිවාසාන්තර ක්‍රීඩා උලෙළහි සමස්ත ශූරතාවය සූර්ය නිවාසය හිමිකරගත් අතර සමස්ත අනුශූරතාවය චන්ද්‍ර නිවාසය විසින් හිමිකරගන්නා ලදී..

එසේම ක්‍රීඩා උලෙළහි සියලු කටයුතු සංවිධානය කරමින් සිසුන් තරග වෙනුවෙන් ඉදිරිපත් කරමින් ඒ සදහා පුහුණු වීම් කරනු ලැබුවේ පාසල් ක්‍රීඩා අංශයෙහි ඇදුරු මඩුල්ල විසිනි. තුන් මසක කාලයක් පුරා වෙහෙසෙමින් ක්‍රීඩා උලෙළහි සාර්ථකත්වය වෙනුවෙන් ඔබ කල මෙහෙවර අප අගය කරන්නෙමු..

2019 වර්ෂය සදහා නව සිසුන් බදවා ගැනීම

මයුරපාද මධ්‍ය විද්‍යාලයිය 75 වන සංවත්සර සැමරුම් උලෙළ වෙනුවෙන් විද්‍යාලයිය බෞද්ධ සංගමය සහ ආදී ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය 2019/01/03 සහ 04 දෙදින විද්‍යාලයේදී පැවැත්විය.

පසු දින 75 නමක් විශයෙහි සාංඝික දානමය පිංකම සිදු කරන ලද්දේ විද්‍යාලයිය ඇදුරු මඩුල්ලේ බැතිබර දායකත්වයෙනි…

….. 75 වසක් පුරා දැයට ගුනවත් දරු පිරිසක් බිහිකල මයුරපාද මාතාවනි, චිරාත් කලක් යෙහෙන් වැජබේවා….!

මයුර සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය